වියළි සමට ගෙදරදීම හදාගන්න පුලුවන් මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග කිහිපයක් මෙන්න
- wishbeauty
- Jan 2, 2021
- 2 min read

ඔබ ඇග සේදීමෙන් පසුව ඔබේ සමට අපහසු බවක් දැනෙනවා ද? සමේ වියළි බවක් ඔබ අත්විදිනවා ද ?
එහෙමනම් ඔබට තෙතමනය රැකගැනිමට මොයිස්චරයිසර් අලේපයක් අලේප කරන්න පුලුවන් . අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ එවැනි ආලේප කිහිපයක් කොහොමද ඔබ ගෙදරදීම ලෙසියන් හදා ගන්නෙ කියලා.
මේ අලේප සදහා අවශ්‍ය ද්‍රව්‍ය ඔයාට වෙළදපොලෙන් ගන්න පුලුවන් .
එහෙත් ආපි මේ හදාගන්න යන අලේප වැඩි කාලක් කල්තබා ගන්න බැරි නිසා එකවර විශාල ප්‍රමාණයක් සදාගැනිමෙන් වළකින්න.
01. වියළි සම සදහා මී ඉටි මොයිස්චරයිසර්

අවශ්‍ය ද්‍රව්‍ය ;
මී මැසි ඉටි නිෂ්පාදන කෝප්ප 1/4
පොල්තෙල් කෝප්ප 1/2
ඔලීව් තෙල් කොප්ප 1/2
සගන්ධ තෙල් බින්දු 10 ක් ( පැචුලි, රොමන්, චමමයිල්, වැනිලා, සදුන්, කට්ටකුමංජල්, ක්ලැරී අග්ගිස්, ලැවෙන්ඩර් හෝගෙරානියම් තෙල් )
සාදාගන්න ආකාරය ;
මී මැසි ඉටි ද්විත්ව බොයිලෙරුවක දමා උණු කරන්න.
එය රත් වු පසුව බඩුනකට දමා සුළුවෙලාවක් නිවෙන්න හරින්න.
පොල්තෙල් හා ඔලීව් තෙල් එකතු කරගාන්න.
දැන් එයට සගන්ධ තෙල් එකතු කරන්න.
එය ක්‍රිම් එකක් වනතුරුම හොදට මිශ්‍රකරගන්න .
මිශ්‍රණය වීදුරු භාජනයක දමා සිසිල් හා විලළි තැනක තියන්න. ශිතකරණයේ දමන්න එපා.
මෙහි ඇති වැදගත් කම ;
මී ඉටි සහ ඔලීව් තෙල් දෙකම ඇටොපික් ඩර්මැට්ටිස් වැනි සමේ රෝග සුව කරයි.
පොල්තෙල් ඔයගෙ සමට අමතාර තෙතමනයක් ලාබාදෙයි.
සගන්ධ තෙල් සමේ සුවපත් බව වැඩි කරයි.
02.කෝමාරිකා මොයිස්චරයිසර්

අවශ්‍ය ද්‍රව්‍ය ;
කොමාරිකා මද කෝප්පයක්
මී මැසි ඉටි තේ හැදි 12 ක්
පොල්තෙල් කෝප්ප 1/4
ආමන්ඩ් තෙල් කෝප්ප 1/4
සගන්ධ තෙල් (බින්දු) 10 ක්
සාදාගන්න ආකාරය ;
මී මැසි ඉටි , පොල්තෙල් සහ ආමන්ඩ් තෙල් ද්විත්ව බොයිලෙරුවක දමා උණු කරන්න.
ඉන්පසුව එය ඉවතට ගෙන හොදින් සිසිල් කරගන්න.
එයට සගන්ධ තෙල් හා කොමාරිකා මද එකතු කරන්න.
එය ක්‍රිම් එකක් වනතුරුම හොදට මිශ්‍රකරගන්න.
මෙම මිශ්‍රණය වීදුරු භාජනයක දමා ශිතකරණයෙ දමන්න.
මෙහි ඇති වැදගත් කම ;
කොමාරිකා ඔයාගෙ සමේ වියළි බව වගෙම දැවිල්ල ද අඩු කරයි.
මී මැසි ඉටි ඔබේ සම සුව කරයි.
සගන්ධ තෙල් ආසාදනය වැලැක්වීම සහ ඔබේ සම සුව කිරීමට උපකාරී වේ.
පොල්තෙල් ඔයාගෙ සමට අමතර තෙතමනයක් ලබා දෙයි.
03.මී පැණි හා ග්ලිසරින් මොයිස්චරයිසර්

අවශ්‍ය ද්‍රව්‍ය ;
මී පැණි තේ හැදි 1
ග්ලිසරින් තේ හැදි 2ක්
දෙහි යුශ තේ හැදි 1
ග්‍රීන් ටී තේ හැදි 2ක්
සාදාගන්න ආකාරය ;
ඉහත සියල්ල හොදන් මිශ්‍ර කරන්න .
ඉන්පසුව එය ආලේප කර මිනිත්තු කිහිපයක් ඔබේ සම මත මෘදුව සම්බාහනය කරන්න.
එක් රැයක් තබා ඉන්පසුව සෝදා හරින්න.
දෙහි ඔබට අසාත්මික නම් ඔබට එය එක් නොකර සිටිය හැකිය.
මෙහි ඇති වැදගත් කම ;
ග්ලිසරින් සහ මී පැණි මගින් ඔබේ සම සජලීයව තබා ගනි.
දෙහි ඔබේ සම පැහැපත් කරයි.
ග්‍රීන් ටී ඔබේ සම සන්සුන් කරන අතර ආසාදනය වළක්වයි.
04.පොල්තෙල් වලින් මොයිස්චරයිසර් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය ;
සීත පිරිසිදු නොකළ පොල්තෙල්
විටමින් E තෙල් තෙල් හැදි 1/2
ලැවෙන්ඩර් සගන්ධ තෙල් බින්දු 1-3
සාදාගන්න ආකාරය ;
පොල්තෙල් රත් කර දිය කරගන්න.
ඉන්පසුව බඩුනකට පොල්තෙල් , විටමින් E තෙල් සහ සගන්ධ තෙල් දමා හොදින් මිශ්‍ර කරන්න.
මිශ්‍රණය වීදුරු භාජනයක දමා සිසිල් හා විලළි තැනක තියන්න.
මෙහි ඇති වැදගත් කම ;
පොල්තෙල් සමේ තෙතමනය ආරාක්ශා කරයි.
විටමින් E සම පොෂණය කරයි.
සගන්ධ තෙල් සම සුවපත් කරයි.
05.මුහුණට සහ සිරුරට ගැලපෙන මොයිස්චරයිසර් ආලේපයක්

අවශ්‍ය ද්‍රව්‍ය ;
ෂියා බටර් කෝප්ප 1/2
ආමන්ඩ් තෙල් මේස හැදි 2
රෝස්මරී සගන්ධ තෙල් බින්දු 5 ක්
ලැවෙන්ඩර් සගන්ධ තෙල් බින්දු 10
ටී ට්‍රී (tea tree) සගන්ධ තෙල් බින්දු 3 ක්
කැරට් බීජ සගන්ධ තෙල් බින්දු 3 ක්
සාදාගන්න ආකාරය ;
ෂියා බටර් ද්විත්ව බොයිලේරයක උණු කරන්න.
එය උණු වු පසුව එයට ආමන්ඩ් තෙල් එක්කර මිශ්‍රණය මදක් සිසිල් වීමට හරින්න.
ඉන්පසු එයට සගන්ධ තෙල් එකාතු කරගන්න.
මිශ්‍රණය හොදින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රණය වීදුරු බදුනක තබා කාමර උෂ්ණත්වයේ තබන්න.
මෙහි ඇති වැදගත් කම ;
සගන්ධ තෙල් ඔබේ සමේ ආසදන සුව කරන අතර වියළි බව නිසා ඇතිවන කැසීම් වළක්වයි.
ෂියා බටර් හා ආමන්ඩ් තෙල් ඔබේ සමට තෙතමනය සහා පෝෂණය ලබා දෙයි.
ඔබත් මෙවැනි මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග ගැන දැනුවත්නම් තව කෙනෙකුට දැනගැනිමට අප හා දැනුම බේදාගන්න .
Comments