top of page

කට වටේ කලු වීමට විසදුම මෙන්න

  • Writer: wishbeauty
    wishbeauty
  • Jan 2, 2021
  • 1 min read


ගොඩක් කාන්තාවන් ගේ ලස්සන අඩු කරන්න මුහුණේ පවතින අවපැහැය බොහෝ ලෙස හේතු වෙනවා.ඉතින් ඒකට බලපාන ලොකුම ගැටලුව තමා කට වටා ප්‍රදේශය අවපැහැ ගැන්වී තිබීම.අද අපි මේ ලිපියෙන් කතා කරමු කට වටා ප්‍රදේශය අදුරු වීමට හේතු සහ අවපැහැ ගතිය අවම කර ගත හැකි ක්‍රම මොනාද කියලා


කට වටා ප්‍රදේශය අදුරු වෙන්නෙ ඇයි ?


  • හිරු එලියට පිලිස්සීම

  • ජානමය බලපෑම්

  • බ්ලීචින් අඩංගු නිශ්පාදන භාව්තා කිරීම

  • මෙලස්මා තත්වයන්

  • සමෙහි ඇති වියලි බව

  • කට වටා අනවශ්‍ය රෝම තිබීම


කට වටා කලු වීම අවම කර ගැනීමට ඔබට පුලුවන් පහත ක්‍රම අනුගමනය කරන්න.


  • ක්ලෙන්සර් කිරීම

  • ස්ක්‍රබ් කිරීම

  • මොයිස්චරයිසර් එකක් ආලෙප කිරීම

  • ෆේස් පැක් ආලේප කිරීම

එවගේම ඔයාලා එලියට යනවා නම් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් භාවිතා කරනනත් අමතක කරන්න එපා.


කට වටා කලු වීමට නිවසේදීම භාවිතා කල හැකි ප්‍රතිකාර


  • කෝමාරිකා ආලේප කිරීම

  • අල යුශ සහිත අයිස් කියුබ් භාවිතා කිරීම

  • පැක් වර්ග භාවිතා කිරීම,


පැක් වර්ග

1. යෝගට්,මී පැණි සහ දෙහි බිංදු කීපයක් එකට එකතු කර මිශ්‍රණය සකසා ගන්න. ඉන්පසු කට වටා අදුරු ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20 ක් තිබෙන්නට හැර සෝදා හරින්න ඉන්පසු මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.


2 .කඩල පිටි, කහ සහ යෝගට් අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොදින් මිශ්‍ර කරන්න.ඉන්පසු අදුරු ප්‍රදේශයේ ආලේප කර විනාඩි 30ක් තබා වියලුනාට පසු සෝදා හැර මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.


3. ඕට්ස්,තක්කාලි යුශ සහ යෝගට් එකට එකතු කර මිශ්‍ර කරලා ආලේප කරන්න. විනාඩි 05 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.


4.මී පැණි,නිවුනු තේ කහට සහ හාල් පිටි අවශ්‍ය ප්‍රමාණයෙන් අරගෙන හොදින් මිශ්‍ර කර අදුරු ප්‍රදේශයේ ආලේප කරන්න.විනාඩි 20 තිබෙන්නට හැර සෝදා හරින්න.


ඉහත ප්‍රතිකාර සතියකට දෙපාරක් කිරීම ප්‍රමාණවත් වන අතර සෑම ප්‍රතිකාර ක්‍රමයකට අනතුරුව මොයිස්චරයිසර් ආලේප කිරීමට අමතක කරන්න එපා.

 
 
 

留言


bottom of page