top of page

ඇස් වටා ඇති අදුරු පැල්ලම් නිවසේදිම ඉවත් කරගන්නෙ මෙහෙමයි

  • Writer: wishbeauty
    wishbeauty
  • Jan 2, 2021
  • 1 min read



ඇස් වටා අවපැහැ ගැන්වීම කියන්නේ අපි ගොඩක් දෙනා පීඩාවට පත්වන ප්‍රශ්නයක්. මෙය ඇතිවීමට මානසික ආතතිය , නින්ද අඩුකම ආදී හේතු රාශියක් තියෙනවා. මෙම තත්වයෙන් අත්මිදීමට නම් නිසි වෛද්‍ය උපාදෙස් ගැනීම , හොද නින්දක් ලබා ගැනිම , සමබල ආහාර වේලක් ලබා ගැනීම වැදගත්. ඊට අමතරව මේ තත්වය අඩු කර ගැනිමට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර කිහිපයකුයි මේ.

01. ආමන්ඩ් ඔයිල්




රාත්‍රී නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර හොඳින් මසාජ් කරන්න. පසුව උදෑසන සිතල ජලයෙන් සෝදා හරින්න.



02.පිපිඤ්ඤා



නැවුම් පිපිඤ්ඤා ගෙඩියකින් ඝන පෙති 2ක් කපා එය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති 2 ගෙන ඇස් වටා ප්‍රදේශයේ විනාඩි 10ක් පමණ තබා ගෙන සිටින්න.




03.අර්තාපල්





අර්තාපල් ගෙඩියක් හොඳින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොඟවා ඇස් වටා ප්‍රදේශයේ තබා ගෙන සිටින්න. විනාඩි 10ක් පමණ පසු සිතල වතුරෙන් සෝදා හරින්න.



04.තක්කාලි යුෂ




තක්කාලි යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැඳි භාගයක් එකතු කර එම මිශ්‍රණය අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.



05.ග්‍රීන් ටී බෑග්





ටී බෑග් දෙකක් ගෙන විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා අනතුරුව ඇස් වටා විනාඩි 10-15ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා හරින්න.



06.කෝපි සත්කාරය




කෝපි කුඩු ස්වල්පයක් ගෙන එයට කෝමාරිකා ජෙල් මිශ්‍ර කර ඇස් යට ආලේප කරන්න.ඉන් අනතුරුව විනාඩි 10 ක් පමණ වේලෙන්න හැර සෝදා හරින්න.



 
 
 

Comments


bottom of page